රාජපක්ෂ පවුල හිල්ටන් හෝටලයෙන් ඇනවුම් කරන ලද එක් ආහාර වේලක් සඳහා රුපියල් මිලියන 9.4 ක බිලක් ලැබී තිබෙන බවත්, එය මේ වන තුරුත් ගෙවා නොමැති බවත් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා ඊයේ කළ චෝදනා ප්රතික්ෂේප කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රකාශක රොහාන් වැලිවිට මහතා කියයි.
මෙම චෝදනාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය බොරු චෝදනා එල්ලකර ජනවාරි 8 වැනිදා පෙරලීමට කියූ බොරු හා සමාන තවත් බොරුවක් බවද ඔහු සඳහන් කරයි.