මුලතිව් දේවපුරම් ප්රදේශයේ විකිණීම සඳහා සැලසුම් කොට තිබූ රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 60ක් සැකකරුවන් තිදෙනෙකු සමග ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
මොවුන් අවුරුදු 25, 37 හා 41 යන වයස්වල පසුවන පුදුකුඩිඉරිප්පු ප්රදේශයේම පදිංචි කරුවන් බවට වාර්තා වේ.
දේවපුරම් ප්රදේශයේදී මහපරිමාණ කේරල ගංජා ජාවාරම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාළ ප්රදේශයේ නිවසක් වටලා සිදු කරන ලද සෝදිසියකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී කේරල ගංජා විකුණා රැගෙන යාමට සූදානම් කර තිබූ යතුරු පැදියක් සහ කැබ් රථයක්ද පුදුකුඩිඉරිප්පු පොලීසිය මගින් ඊයේ රාත්රියේම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මුලතිව් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.