ලංකා විදුලිබල මණ්ඩලය මගින් රුපියල් ලක්ෂ 70ක් වැය කරමින් පැවැත්වීමට කටයුතු යොදා තිබූ ‘පැහැසර දෝතින් - ලංවිම ප්‍රතිභා විසිතුර’ නමැති ප්‍රසංගය විදුලිබල හා පුර්නර්ජනනීය බලශක්ති අමාත්‍යවරුන්ගේ අණින් නොපැවැත්වීමට නියෝග කර ඇත.
විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිතිය මගින් අදාළ ප්‍රසංගය සංවිධානය කර ඇති අතර, එය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 19 වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදීය.
රට පුරා විදුලි අර්බුදයක් මතුව ඇති මෙවන් අවස්ථාවක මෙවැනි මුදලක් වියදම් කර ප්‍රසංගයක් පැවැත්වීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය හැර සියලුම වෘත්තීය සමිති සිය විරෝධය පළකර තිබේ.
ඒ අනුව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් අතර අද (16දා) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසුව අදාළ ප්‍රසංගය අත්හිටුවීමට තීරණය කර තිබේ.