කටුනායක ගුවන් තොටුපලෙන් නීති විරෝධි ලෙස විදේශ මුදල් හා ඔප නොදැමු රත්තරන් මෙරටින් බැංගලෝරය බලා රැගෙන යාමට ගිය උත්සාහයක් ව්‍යවර්ථ කිරීමට කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබේ.
ඊයේ (01දා) පස්වරුවේ සිදුකළ වැටලීමකදී පිරිමි දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකව තිබී රුපියල් තිස්නව ලක්ෂ හැත්තෑ හතරදහස් පනහක ( 3,974,050) රන් හා රුපියල් විසිහතර ලක්ෂ හැටඑක්දහස් හයසියයක් ( 2,461,600) සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ.