ලක්ෂ 54ක රන් කටුනායකදී අත්අඩංගුවට
රත්තරන් කැබළි තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන් මගින් ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ ඉන්දියානුවන් තිදෙනෙකු ඊයේ (22 දා) සවස කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්දීය ජාතිකයන් තිදෙනා අවුරුදු 52 , 52 සහ 48 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් වන අතර, මොවුන් ඊයේ (22දා) සවස 2.40ට පමණ ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්ව යන ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 004 දරන ගුවන් යානයේ ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් රැගෙන ආ ගමන් මලුවල සඟවා ගෙන තිබූ රත්තරන් කැබලි 10ක් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිය X - කිරණ පරීක්ෂාවලදී අනාවරණය කරගෙන තිබුණි.
පසුව මෙම මගීන් තිදෙනා සමග රත්තරන් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් තොටුපොළ රේගුව වෙත භාර දීමට පියවර ගෙන ඇත. මෙම රත්තරන් කැබළිවල බර ග්රෑම් 916.25ක් වූ අතර , ඒවායේ වටිනාකම රුපියල් 54,97,500ක් බව රේගුව ප්රකාශ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

