නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ 48ක් වටිනා මැණික් තොගයක් තායිලන්තයට ගෙනයෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ඊයේ (22දා) රාත්‍රියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 1402 දරන යානයෙන් දිවයිනෙන් පිටව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම මැණික් තොගය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.