පිටකොටුව දෙවන හරස් වීදියේ ව්‍යාපාරිකයෙකුගේ කාර්යාලයට ඇතුළුවී එම ව්‍යාපාරිකයා සතු විසිහත් ලක්ෂ පනස් දහසක මුදලක් සොරා ගන්නා ලද යුවළක් අද (10දා) පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුස්ලිම් ජාතිකයෙකු වන තමන් පසුගිය සිකුරාදා දහවල් ආගමික වතාවක් සිදුකිරීමට දේවස්ථානයට ගිය අවස්ථාවේ මෙම යුවළ හොරකම සිදු කර ඇති බවට එම ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිල්ලේ සඳහන් වේ.
එම ව්‍යාපාරිකයා පොලීසිය කළ පැමිණිල්ලට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් අවට ව්‍යාපාරික ස්ථානවල CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව කළ පරීක්ෂණවලින් පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.