රත්තොට නගරයේ ඇති ඉන්ධන හලකින් ඊයේ (01දා) ඉන්ධන ලබා ගෙන රු: 1000 නෝට්ටු 02ක් ලබාදුන් පුද්ගලයෙක් අද (02දා) අත්අඩංගුවට ගැනීමෙන් පසු කරනු ලැබූ පරීක්ෂණවලදි ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 22ක ව්‍යාජ නෝට්ටු සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
රුපියල් 5000 නෝට්ටු 268, රුපියල් 1000 නෝට්ටු 795ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් 2,235,000 කි.