රුපියල් ලක්ෂ 125ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් හා රන් භාණ්ඩ තොගයක් සමග ඉරාන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (14දා) රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් කාන්තා දොහා කටාර් බලා ගමන් කිරීමට යාමේදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී ලක්ෂ 110ක් වටිනා විදෙස් මුදල් හා ලක්ෂ 15ක් වටිනා රන් භාණ්ඩ තොගයක් තිබී ඇත.
සැකකාරියගේ ගමන් මල්ලේ තිබී මෙම මුදල් හා රන් භාණ්ඩ අත්අඩංගුවට ගත් බව රේගුව පැවැසීය.