ලක්ෂ 113ක රන් රේගුවේදී අත්අඩගුවට
රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දෙදහස් දෙසිය හැත්තෑවක් (1,13,72,270) ක් වටිනා කහ රත්තරන් කුට්ටි 16 ක් තම කලිසම් සාක්කු වල සඟවාගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් සිව් දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා රේගු නිලධාරීන් වෙත භාර දී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම ඉන්දියානු ජාතිකයන් සිව් දෙනා අවුරුදු 30, 27,43 සහ 30 යන වයස් වල පසුවන්නන් වේ. මොවුන් ඊයේ (03දා) උදෑසන 9.05ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6-1201 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් හැඳ සිටි දිගු කලිසම් වල සාක්කුවල මෙම කහ රත්තරන් කුට්ටි 16 සඟවාගෙන තිබූ අතර, ඒවායේ මුළු බර කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 660ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

