අධිවේගී මාර්ගයේදී අවස්ථා හතරකදී තමාව නැවැත්වූ පොලිස් නිලධාරින් වසින් තමාව අල්ලස් ලබාදීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු චෝදනා කරනවා.
පසුගිය 23 දා අවසන්වරට මාලඹේදී ඔහු මෙම සිදුවීමට මුහුණ දී තිබේ. අධිවේගී මාර්ගයෙන් පිටත්වන අවස්ථාවේදී තමාව අධික වේගය යැයි පවසමින් පොලීසිය විසින් නැවැත්වූ බව ඔහු පවසයි. කෙසේ වෙතත් එම සිදුවීම වීඩියෝ ගත කිරීමට තමන් උත්සාහ ගත් විට තමාව නැවැත්වූයේ බලපත්‍ර පරීක්ෂා කිරීමට යැයි පවසමින් හේතුව වෙනස් කළ බවත් ඔහු කියයි.
ශ්‍රී ලංකා ජාතික කාන්තාවක් විවාහ කරගෙන ඇති ඇඩම් රොත් නම් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙම චෝදනාව පොලීසියට එල්ල කරයි. ඒ පිළිබඳව වීඩියෝවක්ද ඔහු සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබේ.
එසේම ඔවුන් විදේශිකයන් මේ ආකාරයෙන් ඉලක්කරගෙන තිබෙන බවත් ඔහු චෝදනා කරයි.
කෙසේ වෙතත් විඩියෝවේ එක් අවස්ථාවකදී ඔහු පොලිස් නිලධාරියාගෙන් මුදල් අවශ්‍යදැයි විමසන අතරෙ පොලිස් නිලධාරියා එය එපා යැයි පවසයි. එසේම මෝටර් රිය නතර කළේ බලපත්‍ර පරීක්ෂා කිරිමට බවත් පොලිස් නිලධාරියා සඳහන් කරයි.