රැකියාවක් ලබාදෙන බව පවසමින් අවුරුදු 20ක් වයසැති තරුණියක තායිලන්තයට රැගෙන ගොස් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්රී ලාංකික තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර ඇතැයි එරට පොලීසිය පවසයි.
තායිලන්තයේ පතායා නගරයේ මෙම තරුණිය ගණිකා ජාවාරමේ යොදවා සිටියදී පතායා පොලීසිය විසින් සැකකරු සමග එම තරුණියද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගම්පහ ප්රදේශයේ පදිංචි මධුර තුෂාර නමැත්තෙකු බව එරට පොලීසිය සඳහන් කරයි. නීතිවිරෝධී මිනිස් ජාවාරම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තරුණියට එරටේදී රැකියාවක් දෙන බව පවසා රැගෙන ගොස් සංචාරක වීසා මත රැඳී සිටිමින් ඇයව ගණිකා සේවයේ යොදවා ඇති බව අනාවරණය වී තිබේ.