විදුලිබල මණ්ඩල සේවකයන්ට එරෙහිව ආරම්භ කර තිබෙන මර්දනකාරී ක්‍රියාවලට හා මූල්‍ය වංචාවලට එරෙහිව සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති එකමුතුව අවධාරණය කරයි.
මේ අනුව ලංකාව පුරා විසිරී සිටින විදුලිබල මණ්ඩල සේවකයන් අද (17දා) උදෑසන විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට කැඳවූ බව එම සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
යම් විදුලි බිඳවැටීමක් සිදුවුවහොත් එහි වගකීම බලධාරීන් හා පාලකයන් බාරගත යුතු බවද වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරනවාද නැද්ද යන්න අද සවස තීරණය කරන බවද පවසා සිටියේය.