2014 නොවැම්බර් මසදී ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය සඳහා පමණක් නීති විරෝධී ලෙස වැටුප් වැඩිකිරීම මේ වනතෙක් නිවැරදි කර නොමැති වීමට එරෙහිව ‘ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සංවිධානය’ විසින් අද (17දා) උදෑසන කොළඹ, කොටුව ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන ලදී.
එම සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ‘අද’ට පවසා සිටියේ වෘත්තීය සමිති සාමාජිකයන් විසින් මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානය වටලා සභාපතිවරයාගේ නිල කාමරය ආක්රමණය කර ඇති බවයි.
ඡායාරූප- ඒශාන් ප්රනාන්දු