පාලනාධිකාරිය විසින් 2015 වසරේ සිදු කරගත් නීතිවිරෝධී වැටුප් වැඩිකිරීම නිසා මණ්ඩලයට සිදුවන පාඩුව සැලකිල්ලට ගෙන එය අවලංගු කරන ලෙස ඉල්ලා අද (17දා) විදුලිබල මණ්ඩල මූලස්ථානය හා අමාත්‍යාංශය වට කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
පාලනාධිකාරිය සිදුකරගත් නීතිවිරෝධී වැටුප් වැඩි කරගැනීම හේතුවෙන්, ඒ වෙනුවෙන් මේ වනවිට රුපියල් කෝටි දෙසියයකට අධික මුදලක් වැය වී තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
මීට අමතරව මණ්ඩලය තුළ වංචා, දූෂණ සිදුවන බවත්, එම තත්ත්වයන් වළක්වන ලෙස ඉල්ලා විදුලි බල මණ්ඩල මූලස්ථානය හා අමාත්‍යාංශය වට කර උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බවත් හෙතෙම කියා සිටියේය.