ලංකා විදුලි මණ්ඩලයේ ජනන සැලැස්ම අනුමත නොකිරීම හේතුවෙන් අකුරට වැඩකිරීමට තීරණය කළ බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
වෙසක් සතියට බලපෑමක් නොවන ආකාරයට එය සිදුකරන බවත්, වෙසක් සතියට ප්‍රථම මෙම ප්රශ්නය විසඳන ලෙසත් ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති අතුල වන්නිආරච්චි මහතා පැවසීය.
එමෙන්ම ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා වගකීම් විරහිතව කටයුතු කරන බවත්, මේ සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙසත් විදුලි ඉංජිනේරු සංගමය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයාට දැනුම්දුන් බවත්ඔ හු කීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අතුල වන්නිආරච්චි මහතා,
“රජයේ ආයතනයකින් ඉදිරිපත් කිරීමක් කරද්දි වගකීමක් ඇතිව ඉදිරිපත්කිරීම් කළ යුතුයි. නමුත් ඇතැම්විට දමිත කුමාරසිංහ මහතා විදුලි ඒකකයක් රුපියල් 32 කියලා කියලා තියෙනවා. මේ වගේ මහා විශාල අසත්‍ය ප්‍රකාශ සිදුකරලා තියෙනවා. ඒ පිළිබඳ අපේ විරෝධය අපි දක්වලා තියෙනවා.
අනිවාර්යයෙන් අපේ ප්‍රශ්නේ විසඳන්න කියලා අපි බලධාරීන්ට කියනවා. එතනදි මොනවා කරලා විසඳනවාද කියලා අපි දන්නේ නැහැ.
20 වැනිදා අකුරට වැඩ ව්‍යාපාරය කරන්න තීරණය කරලා තිබුණා. නමුත් වෙසක් සතිය එන නිසා අපේ තීරණය වෙනස්කළා. කොහොම වුණත් වෙසක් සතියට පෙර මේ ප්රශ්නය විසඳන්න පුළුවන්. මේ පිළිබඳ අපි අමාත්‍යවරුන්ට දැනුම්දුන්නා.
අපි විතරක් නෙවෙයි හැමෝම පිළිගන්නවා දමිත කුමාරසිංහ මහතා කිසි වගකීමක් නැති වැඩ කරනවා කියලා.ජනන සැලැස්මේ තියෙන කාරණා සම්බන්ධයෙනුත් ඔහු අසත්‍ය ප්‍රකාශ කරලා තිබෙනවා" යැයි පැවසීය.