ලංකා විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සේවකයන් 5,000 කට අධික පිරිසක් ළඟදීම ස්ථිර සේවයට එක්කර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29දා) කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවැති ‘රටම එළියයි අඳුර දුරලයි’ජාතික විදුලි සත්කාර ජංගම සේවයට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා,
“මිනිස්බල සැපයුමෙන් ගත්ත සේවකයන් 58,000 ක් පමණ විදුලිබල මණ්ඩලය යටතේ සේවය කරනවා. මෙම සේවක පිරිස පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කරලා එතුමාගේ නායකත්වය හා මඟපෙන්වීම යටතේ ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තියෙනවා. එහිදී ප්‍රථමයෙන්ම අනියම් පදනම මත සේවයේ යෙදෙන සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන අතර, දෙවනුව අනියම් පදනමට ඒමට සුදුසුකම් ලබා ඇති සේවකයන් අනියම් පදනමට ගැනීමට කටයුතු කරනවා. මීට අමතරව මූලික සුදුසුකම් සම්පූර්ණ නොකර වසර හත අටක් වැනි කාලයක් සේවය කළ සේවකයන් ඉන්නවා. ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වන සේ විදුලිබල මණ්ඩලයේ බුද්ධිමය අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා”යැයි පැවසීය.