රාජ්ය ප්රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා ගෙවීගිය කාලයේදී ලංගමයට ලබාදී තිබෙන බස්රථ 2000 සඳහා එක් බස් රථයක් වෙනුවෙන් මාසිකව රුපියල් එක් ලක්ෂ හයදහස් පන්සියයක මුදලක් මහජන බැංකුවට ගෙවීමට සිදුව ඇතැයි පවසන සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය, ලංගමයට මෙම මුදල ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පවසයි.
මේනිසා අලුතින් ලබාදී ඇති සෑම බස් රථයකින්ම දෛනික ආදායමෙන් රුපියල් 3500 ක් වෙන්කිරීමට සිදුව තිබෙන බවත්, එහෙත් පාසල් ආශ්රිතව ධාවනය කරන බොහෝ බස් රථවලට එවැනි මුදලක් දෛනිකව වෙන්කිරීමට නොලැබෙන බවත් එම සංගමයේ ප්රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
ගෙවී ගිය මාස දෙක සඳහා සමස්ත බස්රථ වෙනුවෙන් ලබාදිය යුතු රුපියල් මිලියන 426 ගෙවා ගැනීමට නොහැකිවී තිබෙන බවත්, මහාභාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 102ක් ඒ වෙනුවෙන් ගෙවා තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එහෙත් වාරික දෙකට ගෙවිය යුතු ඉතුරු මුදල් ප්රමාණයවත් ගෙවා ගැනීමට ලංගමයට නොහැකි නිසා එම මුදල් ප්රමාණය සහ ඉතිරි මුදල් ප්රමාණය සම්පූර්ණ කිරීම සඳහා මහාභාණ්ඩාගාරය ඍජුවම මැදිහත්ව කටයුතු කළයුතු බවඑම සංගමය සඳහන් කරයි.