ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 1000 මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඉන්දීය රජයේ ණය ආධාර යටතේ මෙම බස් රථ මිලදී ගැනීමට සැලසුම් සකස් කර තිබේ.
උස් පසුපස ආසන ඇන්ද සහිත, ආසන 40-46 (2X2) නව මගී බස්රථ 900ක් හා වායු සමීකරණය කරන ලද පතුළ පහත් සුඛෝපභෝගී බස්රථ 100ක් මෙසේ මිලදී ගැනීමට ගැනීමට නියමිතය.
පොදු ප්‍රවාහන සේවා කාර්යක්ෂම කරමින් ඒ සඳහා මගීන්ගේ අකර්ශණය දිනා ගැනීම සඳහා මෙම වැඩසටන ක්‍රියාත්මක කරයි.
බස් රථ මිලදි ගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.