කතරගම දෙස සිට මඩකලපුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් එහි රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළිමෙන් සිදුවූ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
සමන්තුරය ප්ර දේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර බස් රථයේ රියඳුරු, සහායක ඇතුළු 19ක් මෙසේ තුවාල ලබා ඇත. අද (26දා) අලුයම සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් සමන්තුරය, අම්පාර හා කල්මුණ රෝහල්වල ප්රතිකාර ලබයි.