ලංගම සතුව තිබෙන බස් රථ 5500න් බස් රථ 500ක් මේවනවිට ධාවනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
මේ නිසා රාජ්‍ය ප්‍රවාහන සේවය වන ලංගමය මේවනවිට දැඩි අර්බුදයකට පත්ව තිබෙන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම ලංගමයට අවශ්‍ය බස්රථ ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
ගුණාත්මක ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම සඳහා ලංගමයට තවත් බස් රථ 10,000ක්වත් අවශ්‍ය බවට ප්‍රවාහන අමාත්‍යවරයාද සඳහන් කර ඇතැයි ඔහු පවසා සිටියේය.
මේ නිසා ලංගමයට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට සහයෝගය දැක්විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.