ලංකාවේ සෑම ස්වාමීන් වහන්සේ නමකටම සිවුරු තුන බැගින් පූජා කරන බව ආපදා කළමනාකරණ වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
රට තුළ ස්වාමීන් වහන්සේලා තිස් දහසක් වැඩ වාසය කරන බවත්, පොසොන් පෝ දිනයේදී රටට සෙත්පතා රුවන්වැලි සෑයට සිවුරු ලක්ෂයක් පූජා කරන අතර, එහිදී එක් ස්වාමීන් වහන්සේ නමකට සිවුරු තුන බැගින් පූජා කරන බවත් ඔහු පවසා සිටියේය.
වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට අද (03දා) සහභාගි වෙමින් ඔහු මේ බව කීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගමේ ජනතාව පන්සල වටා ඒකරාශී කර ධර්මිෂ්ට රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි.
දිස්ත්‍රික්ක කිහිපයකට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට ලක්ෂ 02කට වැඩි ප්‍රමාණයකට නියං සහනාධාර ලබාදෙමින් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේ සිහිනයක් තිබූ ආකාරයටම කලා වැව මෙන් පස් ගුණයකින් විශාල පහළ මල්වතු ඔය ජලාශය ඉදි කිරීම තමාගේ සිහිනයක් බවත්, එම සිහිනය සැබෑ කර ජනතාවගේ ජල ගැටලුව විසඳන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දින 100 ආණ්ඩුවේ වාරිමාර්ග, ජල කළමනාකරණ අමාත්‍යවරයාව සිටියදී මෙම කටයුත්ත සැලසුම් කළද, එය අවසන් කර ගැනීමට නොහැකි වූ බවද හෙතෙම පවසා සිටියේය.
වැසි නොලැබීම නිසා දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව ජල හිඟයකට මුහුණදී සිටින බවත්, මේ නිසා කෘත්‍රිම වැසි ඇති කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව රට පුරා පිහිටි විහාරස්ථානවලදී වැසි වස්සාගැනීම සඳහා ආගමික කටයුතු සිදු කරන ලෙසට ඉල්ලීමක් කරන බවද හෙතෙම කියා සිටියේය.