ලංකාවේ ස්වාභාවික වායු සහ තෙල් සෙවීමට ගිවිසුම් අත්සන් කෙරේ
ලොව විශාලම තෙල්බිම් සේවා සමාගමක් වන ‘ස්ලම්බර්ජර්’ සමාගමේ උපසමාගමක් වන ‘ඊස්ටර්න් ඊකෝ ඩී.එම්.සී.සී.’ සමාගම සමග ශ්‍රී ලංකාවේ ස්වාභාවික වායු සහ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේදී අද (30දා) සිදු කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙයට අත්සන් කළේය.
මෙම ගිවිසුම බහුසේවා ගිවිසුමක් වන අතර, තෝරාගත් අක්වෙරළ තීර ආවරණය වන පරිදි ද්විමාන සහ ත්‍රිමාන දත්ත රැස්කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීමත්, දත්ත රැස්කිරීමෙන් පසු අළෙවිය සහ දත්ත ලියාපදිංචියත් ගිවිසුමේ බහුසේවා කොන්දේසි යටතේ සිදුකිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ගිවිසුමට එළැඹීමේ මූඛ්‍ය අරමුණ වන්නේ නවීන දත්ත රැස්කිරීමේ සහ සැකසීමේ තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් තවදුරටත් ඛනිජ තෙල් දත්ත එකතු කිරීමය.
ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ගවේෂණ කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයන් මුහුණදෙන තාක්ෂණික සහ මූල්‍ය අවධානම අඩුකර ගැනීමට මෙමගින් හැකිවනු ඇතැයිද අපේක්ෂා කෙරේ. දේශීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණ කටයුතු සඳහා ආයෝජකයන්ගේ සහභාගිත්වය ඉහළ නංවා ගැනීමටද මෙම ගිවිසුම ඉවහල් වේ. මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ රටට වාසිදායක වන ලෙස මෙම ගිවිසුම සකස් කිරීමට හැකි වූ බවයි.
ඡායාරූපය - ළහිරු හර්ෂණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


