සහල් හා එළවළුවල ඊයම් සැලකිය යුතු මට්ටමකට අඩංගු බව සිදුකරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාරවල වසවිස විශ්ලේෂණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සමීක්ෂක විශේෂඥ වෛද්‍ය ටී.බී. ආනන්ද ජයලාල් මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් පිළිබඳ ඔවුන් විසින් සිදුකරන ලද ආහාර සාම්පල පරීක්ෂාව හා රුධිරයෙහි ඊයම් මට්ටම් පරීක්ෂා කිරීමේ පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ පරීක්ෂාවට ලක්කරන ලද රුධිර සාම්පල 55කින් 26කම ඊයම් අඩංගුව ඇති බවයි.
රුධිරයේ මෙලෙස ඊයම් අඩංගු වීම තුළින් ළමුන්ගේ බුද්ධි වර්ධනය අඩුවීම, ශ්‍රවණ ආබාධ, වර්ධනය බාලවීම් සිදුවන බවත්, වැඩිහිටියන් තුළ අධික රුධිර පීඩනය, සාඵල්‍යතා ගැටලු, මෙන්ම රුධිරයේ අඩංගු ඊයම් ප්‍රමාණ ක්‍රමිකව ඉහළ යෑම නිසා මරණයට පවා පත්වීමේ අවදානමක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් කෘෂිරසායන භාවිතය අවම කිරීම, කාබනික ගොවිතැනට හුරුවීම, සුදුසු කෘෂිභෝග ප්‍රභේද තෝරා ගැනීම සිදුකළ යුතු බවත්, තුන්වේලම එකම ආහාර (තුන්වේලම බත් කෑම) ගැනීමේ රටාවෙන් ඈත්වීම, නිර්මාංශික ආහාර වෙනුවට මාංශ ආහාර වැඩි කිරීම ආදිය යෝජනා කරන බවද ඒ මහතා පවසා සිටියේය.
පීකුදුවල මෙම විෂ ද්‍රව්‍ය තැන්පත් බැවින් මාංශ ආහාරයට ගැනීමේදී පීකුදු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු බවද ඔහු සඳහන් කළේය.