බෞද්ධ විහාරස්ථාන වල බුදුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලාට අමතරව ශිව, ගණ යන දෙවිවරුන්ගේ ප්‍රතිමාද පවතින බවත් ඒවාට වැඳුම් පිදුම් කර පාරට බැස ගුටි බැට හුවමාරු කරගන්නා බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ පිළිබඳව බලාගෙන සිටින දෙවිවරුන් ලංකාවේ මිනිසුන් ‘පල් මෝඩයන් ’ බව පවසමින් හිනාවෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම කතරගම, නල්ලූර් කෝවිලට, කෝනේෂ්වරම් කෝවිල් වලට වැඩි වශයෙන් සිංහල බෞද්ධ පිරිස් යන බවත් නාගදීපයේ පිංකමක් පවතින විට හින්දු ජනතාව වැඩි වශයෙන් සහභාගිවෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පහළ ජනතාව අතර සහජීවනය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත් ඉහළ දේශපාලඥයන් අන්තවාදීව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
ශ්‍රී පාද අඩවියේ හෝටලක් ඉදිකිරීම ආගමික ප්‍රශ්නයක් නොවන බවත එහි පවතින්නේ පාරිසරික ප්‍රශ්නයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.