නවතම පර්යේෂණ වල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ ඇති එනමල් තීන්තවල ඇති ඊයම් ප්‍රමාණය නියමිත අවම ප්‍රමාණයද ඉක්මවා ඇති බව පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය.
ඔවුන් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකට අනුව මෙම කාරණය තහවුරු කරගත් බවද හෙතෙම පැවසීය.
ලෙඩ් මගින් ස්නායු පද්ධතියට හානිකරන බලපෑම් ඇතිවිය හැකි බවත්, එමගින් කුඩා ළමුන්ගේ අධ්‍යාපන හැකියාවන් බෙලහීන වන බවත් පිළිගෙන ඇති බැවින් මේ පිළිබඳ නීතිරීති නිසි ලෙස ක්‍රියාත්මක කළයුතු බවද ඔහු පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.