ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි ත්‍රිරෝද රථ ප්‍රමාණය ලක්ෂ 15ක් බවත් ඒ අනුව ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදී සිටින තරුණ ශ්‍රමය ලක්ෂ 15ක් පමණ වන බවද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
අය වැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසූ අතර තරුණ ජවය රටේ ශ්‍රම බළකායට එක්කර ගැනිම සඳහා ත්‍රිරෝද රථ හරහා මගී ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීමේදී එය වසර 40 දක්වා ඉහළ නංවන ලෙසත් ඔහු පැවැසීය.
ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවීම අනතුරුවලට අත වැනීමක් බවත් එම රථවල පවතින අධික ශබ්ද වාහිනී යන්ත්‍ර ශබ්ද දූෂණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.