රාජ්‍ය ආයතන හරහා සිදුවන සියලුම ව්‍යාපෘති රක්ෂණය කිරීම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා සිදුකළ යුතු වුවද, ලංකාවේ ඉදිවන කිසිදු මාර්ගයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය නොකරන බැවින් රක්ෂණ සංස්ථාව කඩාවැටීමේ අවදානමක් මතුව තිබෙන බවත් එම ආයතනයේ සේවකයෝ සඳහන් කරති.
අදාළ රක්ෂණ කටයුතු මේ වනවිට පෞද්ගලික රක්ෂණ සමාගමකට පැවරීමට කටයුතු කර තිබෙන අතර, එම කටයුත්ත පසුපස වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු සිටින බවද එම පිරිස පෙන්වා දෙති.
මෙම ඇමති ඥාතියා තමන්ගේ හිතවතියක් හරහා අදාළ රක්ෂණ කටයුතු පෞද්ගලික රක්ෂණ සමාගමකට පවරා තිබෙන බවත් රක්ෂණ සංස්ථා සේවකයෝ සඳහන් කරති.
රාජ්‍ය ව්‍යාපෘති රක්ෂණය කිරීම තුළින් අදාළ ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආරක්ෂාව ලැබුණා සේම, රක්ෂණ සංස්ථාවට විශාල ආදායමක් ලැබුණු බවද එම පිරිස පෙන්වා දෙති.