ඉන්දීය සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වන ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා හා නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පැවසීය.
ඊයේ (01දා) ඕක්ලන්ඩ් නුවර වෙළෙඳ සහ ව්‍යවසාය මධ්‍යස්ථානයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ව්‍යාපාරික කවුන්සිල රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියට යාමට නම් කුඩා වුව ද, මහා පරිමාණ වුව ද නව ආර්ථික වෙළෙඳපොළ හා නව නිෂ්පාදන හඳුන්වා දිය යුතු බවය.
දෙරටේ ස්ථාපිත කිරීමට නියමිත මහකොමසාරිස් කාර්යාල මගින් මෙම වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි බව තමන් විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
කෘෂිකර්මාන්ත, ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සංචාරක ක්ෂේත්රය පිළිබඳව නවසීලන්තයේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගත යුතු ආකාරය පිළිබඳව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කළේය.