ශ්‍රී ලංකාවේ ගල් අඟුරු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ අවධානය යොමුවී ඇති බවත් ඉදිරියේදී ශී්රී ලංකාවට සහන පදනමක් මත අවම මිලක් යටතේ ඉහළ ප්‍රමිතියකින් යුත් ගල් අඟුරු සැපයීමට තම රජය සූදානම් බවත් දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ජී. කියු.එම්. ඩොයිච් මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකදීය.
අනාගතයේ ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට තිරසාර විසඳුමක් වශයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ට යොමුවී, ඒ තුළින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති අතර, තම රාජ්‍යයද පුර්ජනනිය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමුවීමට අදහස් කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය අපේක්ෂා කරන බවත්, එමෙන්ම ශ්‍රී ලංකාව තුළ විදුලිබල සංවර්ධනය සහ සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා තම රටේ තාක්ෂණික සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය
මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් 2016 වසර මුල් මාසය වනවිට ශ්‍රි ලංකාවේ විදුලියනය 100 කිරීමට තමා අදහස් කර ඇති බවත්, දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් වෙනුවට මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවූ අතර විදුලිබල සංරක්ෂණ ක්‍රියාවලියකට අවතීර්ණ වූ බවත් පැවසූ අමාත්‍ය සියඹලාපිටිය මහතා එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සහ ඒ තුළින් සිදුවන්නාවූ දේශගුණික විපර්යාස සඳහාද විසඳුම් ලබාගත හැකි බව පැවසීය.