ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීමට ලබාදී ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට තවදුරටත් අමතර කාලයක් ලබාදීමට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
මාර්තු මස 23 වෙනිදා ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සහභාගිවීම පිණිස ඊයේ (18ද) දිවයිනෙන් පිටත්ව යෑමට පෙර යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි ඔහු මේ බබ සඳහන් කළේය.
“2015 ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රජයේද එකගත්වය මත මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඉටු කිරීමට ලබාදුන් යෝජනා කිසිවක් ඉටු කිරීමට රජයට උනන්දුවක් පෙන්වා නෑ. එම යෝජනාවලට අනුව යුද අධිකරණයක් පිහිටුවීම, විදේශීය විනිසුරුවරු පත් කිරීම ඇතුළු යෝජනා රැසක්ම ඇති නමුත් ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් සෙසු අමාත්‍යවරුනුත් ජනතාව ඉදිරියේ අදහස් දක්වමින් ඉහත කී කාරණා ඉටු නොකරණ බව ප්‍රසිද්ධියේම පැවසීම අසාධාරණයි.
දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදේශීය විනිසුරුවන් පත් කිරීමට බාධාවක් නැහැ. හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරණායකට එරෙහිව නඩු ඇසීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පත් කිරීමට සූදානම් වීම ඊට උදාහරණයක්. මේ නිසා යුද අධිකරණයක් පිහිටුවීමත් ඊට විදෙස් විනිසුරුවරුන් පත් කිරීමත් අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි.
ශ්‍රී ලංකා රජයට එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ජිනීවා සැසි වාරයේදී තවත් අමතර කාලයක් ලබාදීමට සූදානම් වන්නේනම් ඊට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකරනවා මෙම කරුණු සම්බන්ධයෙන් වූ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ජිනීවා සැසිවාරයට පැහැදිලි කරනවා”