ලංකාවට අමතර කාලයක් ලබාදීමට උතුරේ විරෝධය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4දා) සිදුකළ යාපනය සංචාරයටත්, ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් ලංකාවට අමතර කාලයක් ලබාදීමටත් විරුද්ධව උතුරු පළාත් සභාවේදී සිය විරෝධය පළකර සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිධරන් කියා සිටියාය.
මන්ත්‍රීවරිය විසින් යාපනය මාධ්‍ය සමාජයේ කැඳවන ලද විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටි අතර, එසේ විරෝධතාවයක් දියත් කරනු ලබන්නේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ මෙවර සැසිවාරය පැමිණෙනතුරුත් ජනාධිපතිවරයා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ක්‍රියාවට නැංවීමට අපොහොසත් නිසා බවත් ඇය කියා සිටියාය.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ රජයට ඉටුකරන ලෙස දැනුම් දී තිබූ කාරණා මෙතෙක් ඉටු නොකිරීමත්, ඒ සඳහා තවත් කාලයක් ලබාදීම තමන් අනුමත නොකරන බවත්ය.
එමෙන්ම යුද සමයේදී අතුරුදන් වූ පිරිස පිළිබඳව රජය සොයා නොබැලීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, උතුරු පළාතෙන් අනවශ්‍ය හමුදාව ඉවත්කොට ඔවුන් පරිහරණය කරනු ලබන සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ආපසු ලබානොදීම යන හේතූන් මත ජනාධිපතිවරයාට එරෙහිව උතුරු පළාත් සභාව තුළ මෙම විරෝධතාව දියත් කරන බවද මන්ත්‍රීවරිය මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

