ලංකාව තුළ කිසිවෙකුටත් ලංකාවේ පවතින නීතියට අනුව වලංගු විදේශීය ගමන් බලපත්‍ර දෙකක් සකස් කරගත නොහැකි බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා 'අද' කළ විමසීමකදී සදහන් කළේය.
එහෙත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳට ගමන් බලපත්‍ර දෙකක් තිබෙන බව වාර්තා වී තිබෙන බවත්, එම දෙකම නිකුත් කර තිබෙන්නේ තම ආයතනය විසින් බවත් පවසා සිටියේය.
ඒ සඳහා උප්පැන්න දෙකක්, ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කර ඇතැයි වාර්තා වන බවත්, ඒ පිළිබඳව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවත් ආගමන විගමන පාලකවරයා සඳහන් කළේය.
වලංගු ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගැනීම වරදක් බවත්, අදාළ වරදට දඬුවම තීරණය කරන්නේ අධිකරණය මගින් බවත් ඔහු පවසා සිටියේය. අදාළ සිද්ධිය පිළිබඳව පොලීසිය සිදුකරන පරීක්ෂණවලදී තමාගෙන්ද තොරතුරු ලබාගැනීමට නියමිත අතර, එහිදී ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.