ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට හා ආයෝජකයන්ට හිතකර හා දිරිදෙන පරිසරක් නිර්මාණය කිරීමේ සැලසුමට උපරිම සහාය ලබාදෙන බව චීනයේ වොංජිං මහනගරයේ නගරාධිපති හුඅං ජිෆාන් මහතා පවසා තිබේ.
නිරත දිග චීනයේ නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නගරාධිපති අතර ඊයේ (13දා) පැවැති සාකච්ඡාවේදී නගරාධිපතිවරයා ඉහත අදහස් දැක්වීය.
කොළඹ වරාය නගරය මූල්‍ය නගරයක් ලෙස සංවර්ධනය කිරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳවද ජිෆාන් මහතාගේ අගය කිරීමට පත්ව තිබේ.