කොළඹ ආනන්ද විද්‍යාලය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (16දා) සංවිධානය කරන ලද 'සංදේශය සම්මාන - 2014' උත්සවයේදී තරුණයන්ගේ ප්‍රියතම සිංහල පුවත්පත, දිනපතා පුවත්පත සහ ඉරිදා පුවත්පත යන සම්මාන ත්‍රිත්වය හිමිකර ගැනීමට ලංකාදීප පුවත්පතට හැකිවිය.
එසේම තරුණයන්ගේ ප්‍රියතම ළමා පුවත්පතට හිමි සම්මානය හිමි කර ගත්තේද 'විජය' ළමා පුවත්පතය.
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උලෙළ සඳහා නිර්දේශිත සම්මාන තෝරාගෙන තිබුණේ ආනන්ද විද්‍යාලයීය ජනමාධ්‍ය සංසදය විසිනි. දිවයිනේ පළාත් 09 හි දිස්ත්‍රික්ක 25 නියෝජනය කරන පාසල් 485 ක ඉගෙන ගන්නා උසස් පෙළ හදාරන ළමුන් 10000 ක අදහස් සැලකිල්ලට ගෙන මෙම සම්මාන ප්රදානය සිදුකෙරිණි.
ඒ අනුව තරුණයන්ගේ ජනප්‍රියතම ප්‍රවෘත්තිය වෙබ් අඩවිය ලෙස අද දෙරණ වෙබ් අඩවියද, හොඳම විශේෂාංග සහිත පුවත්පත ලෙස රිවිර පුවත්පතද, ප්‍රියතම ගුවන් විදුලිය නාළිකාව ලෙස සිරස එෆ්.එම්. නාළිකාවද, කාලීන වැඩසටහන් ඉදිරිපත් කරන ගුවන් විදුලි නාළිකාව සහ කාලින වැඩසටහන ඉදිරිපත් කරන ගුවන් විදුලි නාළිකාව ලෙස හිරු එෆ්.එම්. නාළිකාවද සම්මාන හිමි කරගත්තේය.
රූපවාහිනි සඟරාමය වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ අටපට්ටම වැඩසටහනද, කාලීන රූපවාහිනී වැඩසටහන ලෙස දොරමඬලාව වැඩසටහනද, ආගමික වැඩසටහන් ඉදිරිපත් කරන වැඩසටහන ලෙස බෞද්ධයා නාළිකාවද, විනෝදාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන රූපවාහිනි නාළිකාව ලෙස හිරු ටී.වී. නාළිකාවද සම්මානයට පාත්‍ර විය.
තරුණයන්ගේ ජනප්‍රියතම දෙමළ පුවත්පත ලෙස වීරකේසරි පුවත්පතද, ඉංග්‍රීසි පුවත්පත ලෙස සන්ඩේ ඔබ්සවර් පුවත්පතද සම්මාන හිමි කරගනිද්දී, විශේෂිත ඇගයිම් උපකාර කිහිපයක්ද ලබාදීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 'හඳමාමා' ළමා වැඩසටහන වෙනුවෙන් සුමනා ජයතිලක, කාටූන් චිත්‍ර ශිල්පී කැමිලස් පෙරේරා, මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් යන මහත්ම මහත්මීන් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
ඡායාරූප ඉසුරු පෙරේරා