ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය නිරතුරුව ලබාදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව තානාපතිවරයා ලෙස පත් වූ ගරු අහමඩ් අලි අල්මූඅල්ලා මහතා (Ahmed Ali Almaulla) අද (24දා) ආරක්ෂක අමාත්‍යාංයේදී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා එක්සත් අරාබි එමීර් රජය ලබාදෙන සහයෝගීතාවය අගය කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.