විදුලි බලමණ්ඩල සේවකයන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතාව විසඳීමට කටයුතු නොකරන බැවින් 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
මේ අනුව ඉංජිනේරු නොවන ශ්‍රේණිවල සේවය කරන සියලුම දෙනා මෙම කාලය තුළ ලෙඩ නිවාඩු දමා විරෝධය දක්වන බවත්, ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් ජයලාල් මහතා අද (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
2015 වසරේදී ඉංජිනේරුවරුන්ට 70%ත් 120%ත් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩි කිරීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.