අද (08) පස්වරුවේ දිවයිනට පැමිණි පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමු වී සුහද කථා බහක නිරත විය.
ඉන්දුනිසියාවේ නිල සංචාරයක නිරත වූ පාකිස්ථාන ජනාධිපතිවරයා සිය සංචාරය නිම කර නැවත සිය රට බලා යන අතරතුර මෙලෙස ශ්රී ලංකාවට ද පැමිණි අතර ජනාධිපති කාර්යාලයේ දී අදාළ හමුව සිදුවිය.