කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රමවත් පරීක්ෂණයක් මෙතෙක් සිදුව නොමැති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි. මීට අදාළ කාරණා හතරක් පිළිබඳ අවධානයට ලක් කරමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ මේ පිළිබඳ වහාම අවධානය යොමු කරන ලෙසය. අදාළ සිසුවිය පැහැර ගෙන ගිය පුද්ගලයින් නම් ගම් සහිතව හෙළිරව් කර තිබුණත් ඒ පිළිබඳ පොලීසිය අවධානය යොමු කර නොමැති බවද එම ලිපියේ සදහන්. පසුගිය අපේ‍්‍රල් මස නව වනදා සිදුව ඇති මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් යම් හෝඩුවාවක් හෝ අනාවරණ කිරීමට පොලීසිය අසමත් වීම බලවත් කණගාටුවට කරුණක් යැයිද ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.