පාසල් නිල ඇඳුම තිළිණපත් වෙනුවට නීතිවිරෝධී ආකාරයට රෙදි ලබාදීමට යෑම නිසා රුපියල් ලක්ෂ 200කට වැඩි වංචාවක් සිදුවන බැවින් ඒ පිළිබඳව සොයා බලන ලෙස ලංකා ගුරු සංගමය විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද (28දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
දුෂ්කර හා අති දුෂ්කර, හුදෙකලා පාසල්වලට තිළිණපත් ලබානොදී ඇමති හිතවතෙකු විසින් ඒ වෙනුවට ප්‍රමිතියෙන් තොර නිල ඇඳුම් රෙදි ලබාදීමට යෑම නිසා මෙම වංචාව සිදුවන බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
නිල ඇඳුම් රෙදි ලබාදීම නවතා දමා තිළිණපත් ලබාදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ දූෂණ වංචා අවමකර ගැනීමට බවත්, එහෙත් තෝරාගත් පාසල් කිහිපයකට තිළිණපත් ලබාදී ඉතිරි පාසල්වලට කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකර නිල ඇඳුම් ලබාදෙමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.