ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීමට ගම්පහ ප්‍ර ධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය අද (25දා) ඉන්ටර්පෝල් වරෙන්තු නිකුත් කළාය.
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවට සම්බන්ධ සැකකරුගේ ඡායාරූප හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර අන්තර්ජාලයේ පළ කිරීමෙන් අධිකරණයට අපහාද කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.