සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගතවීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අධිකරණය භාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමටද නියම කළේය.
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
ඒ අනුව පෙබරවාරි මස 18 වැනිදාත්, මාර්තු මස 05 වැනිදාත් අතර කාලය තුළ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගතවීමට අවසර දුන් විනිසුරුවරයා රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමටද නියම කළේය.
2004 මාර්තු මස 31 වැනිදාත්,2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම්වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ විභාග දිනයේදී අධිකරණයේ පෙනී සිටින්නේ නම් විත්තිකරුට විදේශගතවීමට අවසර දීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි කීය.
ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මාර්තු මස 15 වැනිදා කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සමගජ්යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතිඥ රොෂාන් සිරිවර්ධන මහතා ඇතුළුනීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.
මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය සැසිවාරයකට සහභාගි වීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (17දා)නියම කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අලුත්ගමගේ මහතාට විදේශගතවීම සඳහා වීසා බලපත්‍රය ලබාගැනීමට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය වී ඇති හෙයින්, එය මුදාහරින්නැයි කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයේ පෙනී සිටියේය.
2012 ඔක්තෝබර් මස 30 වැනිදාත්,2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැයකොට බොරැල්ල කිංසි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය අමතමින් අලුත්ගමගේ මහතාට විදේශගතවීම සඳහා වීසා බලපත්‍රය ලබාගැනීමට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය වී ඇති හෙයින් එය මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් වීසා බලපත්‍රය ලබාගැනීමට විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයිද, විත්තිකරු විදේශගත වීමට අවසර ඉල්ලන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කරන්නේ යැයිද කීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ නියේගය නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.