සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා අනුබද්ධිත ආයතනවලට අනුයුක්තව සිටින වෛද්‍යවරුන් 300කට අධික ප්රමාණ්යක් යළි රෝහල්වල සේවයට භාර නොගතහොත් ඔවුන්ගේ වැටුප් අත්හිටුවීමට යයි.
මෙයින් බහුතරයක් පිරිස පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යා ආයතනයේ උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමෙන් පසු මෙසේ අනුයුක්තව සිටින බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, මෙලෙස අනුයුක්ත කර සිටින වෛද්‍යවරුන්ගේ නාමලේඛනයක් සකස් කර ඇති බවයි. එම වෛද්‍ය නිලධාරීන් පිළිබඳව සොයා බලා රෝහල්වලට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවසීය.
රෝහල්වල වෛද්‍ය හිඟයක් තිබුණත් ඔවුන් රෝහල්වල සේවයට වාර්තා කර නොතිබුණ බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදු කරනු ලබයි.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)