මැද කොළඹ රෝහලේ වෛද්‍ය සායනයකට පැමිණි කාන්තාවක් රෝහලේ වැසිකිළිය තුළදී සිරුරට ගිනි තබා ගෙන ඊයේ (01දා) මියගොස් ඇතැයි පොලීසිය කියයි.
වයස අවුරුදු 67ක්වූ සිත්ති සහිරා බිනූ නැමැති ග්‍රෑන්ඩ්පාස්හි පදිංචි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජීවිතක්ෂයට පත්වූ කාන්තාව අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගයෙන් පෙළීම හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත සියදිවි හානි කරගෙන ඇතැයි පොලිස් විමර්ශනයේදී අණාවරයවි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වෙයි.