ශ්‍රී ලංකාවේ ඉදිකෙරන රෝහල් හා බන්ධනාගාර ප්‍රමාණය අඩුකර වැඩි වශයෙන් පාසල් ඉදිකිරීම සිය අරමුණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
රුපියල් මිලියන 2500ක පමණ වියදමකින් ඉදිකළ වරකාපොළ මූලික රෝහල ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට අද (16දා) එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ රටේ රෝගීන් සංඛ්‍යාව මෙන්ම අපරාධකරුවන් ප්‍රමාණය අඩුකිරීම වැඩි වශයෙන් පාසල් ඉදිකිරීම හරහා සිදුකිරීම සිය අරමුණ බවයි.