රෝහල් ගත කළ සැකකරු මිය යෑම ගැන පරීක්ෂණයක්
(UPDATE) මීගමුව බන්ධනාගාරය තුළදී සැකකරුවෙකු මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් ප්‍රියංක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මීගමුව බන්ධනාගාරය තුළදී සැකකරුවෙකු මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසියේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක් රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අදාළ මළ සිරුර පිළිබඳව මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව මරණයට හේතුව අභ්‍යන්තරයේ බහුවිධ තුවාල බවට වාර්තා කර තිබේ.
මේ අනුව මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මියගිය සැකකරු, දිවුලපිටිය පොලිස් ස්ථානය මගින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
50 හැවිරිදි මියගිය සැකකරු මීගමුව බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු 04 වන දින රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී සැකකරු මියගොස් තිබෙන බව තහවුරු වී තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


