ඉතාලියේ රෝම අගනරගයේ කසළ ඔවුන්ටද වසර කිහිපයක් තිස්සේ ගැටලුවක් බවට පත්ව තිබුණි. කෙසේ වෙතත් රෝමයේ එකතුවන කසළ යොදාගෙන ඔස්ට්‍රියාවේ සමාගමක් මේ වන විට විදුලිය නිපදවමින් සිටියි.
රෝමයේ කසළ නිසා ඔස්ට්‍රියාවේ විදුලිය ලබාගන්නා නිවාස සංඛ්‍යාව 170000ක් පමණ වෙයි. මේ වසරේදී පමණක් රෝමයේ කසළ ටොන් 70000ක් පමණ ඊ.වී.එන්. සමාගම ඔස්ට්‍රියාවට ගෙන්වාගෙන විදුලිය නිපදවීම සඳහා යොදාගෙන තිබේ.
ඔස්ට්‍රියාවේ වියානා අගනුවර නුඳුරින් පිහිටි ඊ.වී.එන්. සමාගමට කසළ ප්‍රවාහනය කරන්නේ දුම්රිය යොදාගනිමිනි. ඒ සඳහා දුම්රිය කිලෝමීටර් 1000ක පමණ දුරක් ගමන් කරයි.
සතියකට මෙවැනි දුම්රිය තුනක් රෝමයේ සිට වියනාව බලා ගමන් කරන අතර එක් දුම්රියකින් රෝම නගරයේ කසළ ටොන් 700ක් පමණ ප්‍රවාහන කෙරේ.
රෝම නගරයේ කසළ පිළිබඳ ගැටලුවට එහි නව නගරාධිපතිනී වර්ජිනියා රැගී විසඳුමක් ලබාදෙන බවට කළ පොරොන්දුවක් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
රෝමයේ කසළ සම්බන්ධයෙන්ද දිගු කලක පටන් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තිබුණු බව 2014 වසරේදී කළ විමර්ශනයකින් අණාවරණය වී තිබුණි.