කැනඩාවේ පදික වේදිකාවක් මතින් වෑන් රථයක් ධාවනය කිරීම හේතුවෙන් මිය ගිය පුද්ගලයන් 10 දෙනා අතර ශ්‍රී ලංකා ජිතික සම්භවයක් ඇති කැනේඩියානු ජාතිකාවක් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරට කර තිබේ.
රේණුකා අමරසිංහ නැමැති කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව මාධ්‍ය ඊයේ දහවල් වාර්තා කළ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය මුලින්ම ඒ බව ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් පසුව ඊයේ රාත්රියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව තහවුරු කළේය. එක්දරු මවක වන රේණුකාගේ අවසන් කටයුතු පිිළිබඳව කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි බෞද්ධ විහාරයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතඑ එහිදී තීරණය කර ඇත්තේ කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමටය.