රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන්වන ලද අමතර කොටස් තොගයක් මුදාහැරීමට රු.මිලියන 1500 ක මුදලක් ගෙවිය යුතු බවට පවසා අමතර කොටස් මුදාහැරීමට අල්ලසක් ලෙස රුපියල් මිලියන 150 ක් මොවුන් ඉල්ලා තිබේ.අද (15) කොළඹ ස්ථානයකදී අල්ලස් මුදල ලෙස රුපියල් මිලියන 125 ලබාදීමට යයි හඟවා අල්ලස් කොමිසමේ නිලධාරීන් කැටුව ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය