රුපියල් මිලියන 125 ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුවූ මෙම අල්ලස් ගැනීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, සිදුකළ විමර්ශනවලට අනුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බවද අල්ලස් කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.